ඔබ නිදන ඉරියව්ව අනුව ඔබ ගැන හෙළි වන කරුණු

1. පැත්තකට හැරිලා දණහිස් මදක් නවා ගෙන නිදාගන්න කෙනෙක් නම්.

ඔබ සන්සුන් හා විශ්වාසදායක පුද්ගලයෙකි. 
ඔබව ලේසියෙන් තරහ ගස්සන්න බැහැ.
ඔබ අනාගතයට බය නැති කෙනෙක්.
ඔබට ඕනෑම දේශගුණයක ජීවත් විය හැක.
ඔබේ ජීවිතයේ සිදුවන ඕනෑම වෙනස්කමකට ඔබ ඔට්ටුයි.

2. හොඳටම ගුලි වෙලා, එහෙම නැතිනම් වකුටු වෙලා නිදාගන්න කෙනෙක් නම්.
ඔබට බොහෝ විට ආරක්ෂාවක් අවශ්‍යයි.
ඔබට කෙනෙක්ව තේරුම් ගැනීමට සහ අනුකම්පාව දැක්වීමට පුළුවන්.
සමාජයේ මුහුණ දෙන ගැටලුවලට මුහුණ නම් ඔබට අඩු ශක්තියක් පවතී.
ඔබේ හැකියාවන් සඳහා කදිම අවකාශය වනුයේ පින්තාරු කිරීම, නර්තනය සහ රචකයෙකු වීමයි.

3. ඔබ බඩ යට පැත්තට හරවගෙන නිදාගන්න කෙනෙක් නම්.
ඔබ හොඳ නායකයෙක්. 
ඕනෑම දේකට ඔබ ආවේගශීලීව පියවර තබයි.
ඔබේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ පිළිවෙලට තඉා ගැනීමට ඔබ ප්‍රිය කරයි.
ඔබ බොහෝ විට සෑම දෙයක්ම කල්තියා සැලසුම් කිරීමට කැමතියි.
නොපසුබස්නා උත්සාහයක් සහ වගකීමකින් යුතුව ක්‍රියාකිරීම නිසා සාර්ථකත්වයට ලඟා විය හැකි වෙයි.

4. ඔබ උඩු අතට හැරී සැහැල්ලුවෙන් අත පය තබා ගෙන නිදයි නම්.
ඔබ බොහෝ විට ජීවිතයට ආදරය කරන ධනාත්මක පුද්ගලයෙකි. 
ඔබ මුරණ්ඩු ලෙස කටයුතු කරන නමුත් නොපසුබටව වැඩ කරයි.
සෑම විටම සත්‍යය පැවසීමට කැමැත්තක් දක්වයි. 
ඉතා ශක්තිමත් පෞරුෂයක් ඇත.

5. ඔබ උඩු අතට හැරී සොල්දාදුවෙක් සීරුවෙන් සිටින ලෙස නිදා ගන්නේ නම්.
ඔබ ජීවිතය හොඳින් හැඩ ගසාගත් කෙනෙකි.
ඔබ ඔබේ ජීවිතයේ අරමුණු මොනවාදැයි හොඳින් දන්නා අතර ඒවා සාක්ෂාත් කර ගැනීමට තනි මනසකින් උත්සාහ කරයි. 
ඔබ බොහෝ දේවල් ඔබේ සිතට කථා කර ඔබෙන්ම ඉල්ලයි.

6. ඔබ බඩ යට පැත්තට හරවා එක් කකුලක් නවාගෙන නිදා ගන්නේ නම්.

අනපේක්ෂිත පෞරුෂයක් ඇති අතර එය විටින් විට ක්‍රියා කරයි.
ඔබේ මනෝභාවය වේගයෙන් වෙනස් විය හැකි අතර එය ආශ්‍රය කරන අයට එය අපහසුවක් විය හැකියි. 
බොහෝ විට ඔබට තීරණ ගැනීමට අඩු හැකියාවක් පවතී. 
තෝරාගැනීමේදීද ඔබ අපහසුතාවයට පත්වේ, කුමක් තෝරාගන්නේද කියා සිතා ගත නොහැකිය.
කෙසේ හෝ රැකියාවේදී සහ පොදුවේ ජීවිතයේදී ස්ථාවරත්වය රැක ගනී.
සාමයෙන් සිටීමට සහ නිහඬතාවයට ඔබ ප්‍රිය කරයි.

(ඔබ මින් එකකට වඩා වෙනස් ඉරියව්වලින් නිදා ගන්නේ නම්, ඔබට බහුවිධ පෞරුෂයක් ඇත.) 

Comments