නින්දට යන්න කලින් සැබෑ ආදරවන්තයන් සිදු කළ යුතු දේවල් 8 ක්

 1. දෙදෙනාම එකම වෙලාවට නින්දට යාම.

බොහෝ විට සැමියා හා බිරිඳ දවස පුරා එකිනෙකා නොදකින අතර විවිධ වේලාවන්හි නින්දට යාමේ පුරුද්දක් ඇත. මනෝ විද්‍යාඥයන් පවසන්නේ යුවළක් එකවර නින්දට යාමෙන් ඔවුන්ගේ සම්බන්ධතාවයේ සමීපභාවය පවත්වා ගැනීමට උපකාරී වන බවයි.

2. නිදන වෙලාවට ඇඳේ සුරතල් සතුන් තියාගන්න එපා.

කැන්සාස් විශ්ව විද්‍යාලයේ සිදු කරන පර්යේෂණයන්ට අනුව හෙළී වී ඇත්තේ සුරතල් සතුන් සමඟ නිදා සිටින පුද්ගලයින්ගෙන් 63% කට ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බවයි. ඔබේ සුරතලාට රාත්‍රිය පුරා නිදාගත නොහැකි අතර බොහෝ විට ඔබේ නින්දට බාධා කරයි. 

3. නිදාගන්න වෙලාවට කිසිම ප්‍රශ්නයක් ගැන කථා කරන්න එපා.

නින්දට යාමට පෙර උණුසුම් වාද විවාදවලට සම්බන්ධ නොවීමට උත්සාහ කළ යුතුයි. නිදන ඇඳේ ප්‍රශ්න වලට සටන් කිරීම කිසි විටෙකත් ගැටලු විසඳීමට උපකාරී නොවේ. එමගින් ඔබ දෙදෙනාට නින්ද යාම දුෂ්කර වන අතර ඊළඟ දවසේ මානසික අවපීඩනයක්ද ඇතිවනු ඇත.

4. එකිනෙකා සම්භාහනය කරගන්න.

නින්දට යාමට පෙර සැහැල්ලු සම්බාහනයක් සිදු කිරීමෙන් නින්දේ ගුණාත්මක භාවය වැඩි වන බවත්, කාංසාව අඩු කරන බවත්, යුවළක් එකිනෙකට සමීප කරවන බවත් සොයාගෙන ඇත.

5. නින්දට පෙර එකිනෙකා වැළඳගෙන සිප ගැනීමක් සිදු කිරීමට අමතක කරන්න එපා.

ඔබ නිදා ගැනීමට පෙර ඔබේ සහකරු සහකාරිය සිප ගැනීමට අමතක නොකරන්න, ඔබ දැනටමත් ඇඳේ සිටිනවා නම් මිනිත්තු කිහිපයක් හුරතල් කරන්න. මෙය ඉතා සන්සුන් වන අතර ධනාත්මක හැඟීම් ජනිත කරයි. 

6. දරුවන් සිටීනම් ඔවුන් කුඩාම අවධියේ නොවේ නම් තරමක් තේරෙන වියේ සිටී නම් හැකි නම් ඔවුන්ට වෙනම කාමරයක් වෙන් කර දෙන්න.

මනෝ විද්‍යාඥ මයිකල් විනර්-ඩේවිස් පවසන ආකාරයට අනුව, තරමක් තේරෙන වියේ සිටින ඔබේ දරුවන්ට බියකරු සිහිනයක් හෝ දුකක් ඇති විට පමණක් ඔබ දෙපල සමග නිදා ගැනීමට හරින්න. අනෙක් සෑම අවස්ථාවකදීම පෞද්ගලික අවකාශය තබා ගැනීමෙන් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඉඩ කඩ ලැබෙනු ඇත. එමගින් විරසක වීම් වැඩි ප්‍රමාණයක් අඩු වන බව සොයාගෙන තිබේ. මේ සඳහා ඔබ දෙදෙනාම එකඟ වීම සහ තේරුම් ගැනීම වැදගත්ය.

7. දෙදෙනාම එකම පුරුද්දක් අනුගමනය කරන්න.

රාජකාරී අවසන් වී නිවසට පැමිණි පසු දෙදෙනාම එකම වෙලාවට වොෂ් කරන්න, එකම වෙලාවට කෑම කන්න, එකම වෙලාවට දත් මදින්න, එකට රූපවාහිනිය නරඹන්න වැනි පුරුද්දක් අනුගමනය කරන්න. එයින් ඔබගේ සම්බන්ධතාවය වඩාත් සමීප හා විශ්වාසදායක කරනු ඇත.

8. ඔබගේ ජංගම දුරකථන සයිලන්ට් කර හෝ ක්‍රියා විරහිත කර පසෙකින් තබන්න.

නිදාගන්නා වෙලාවෙදී ජංගම දුරකථන හරහා සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමෙන් ශරීරයේ ඔක්සිටොසින් මුදා හැරීම මර්දනය කරයි. එමගින් ඔබට නිදාගැනීමේ අපහසුවක් ඇති වී වියවුල් භාවයක් ඇතිවීමෙන් ඔබ දෙපළගේ සමීප සබඳතාවයට බලපානු ඇත. මනෝචිකිත්සක කැරොල් කේරි පවසා ඇත්තේ රාත්‍රී 09 න් පසු ජංගම දුරකථන ක්‍රියා විරහිත කළ යුතු බවයි.

Comments