කිරි වලින් ගන්න පුළුවන් ඔබ නොදන්න ප්‍රයෝජන 7 ක්

 



1. පොහොර ලෙස යොදාගන්න පුළුවන්.

අතීතයේදී කිරි පොහොර ලෙස භාවිතා කර ඇති අතර එයට හොඳ හේතු කිහිපයක් තිබේ. එය ශාක වර්ධනයට උපකාරී වන අතර කැල්සියම් ඌණතාවයන් වළක්වමින් කෝණාකාරයට එරෙහිව සටන් කරයි. එමගින් ශාක වලට රෝග බෝ වීමෙන් වලක්වනු ඇත.

පාදමට ආසන්නයෙන් කිරි සමග බෝතලයක් (උඩු යටිකුරු කර) පසෙහි තැබීම හෝ පැලය වටා කිරි වත් කරන්න. එවිට අවශ්‍ය ආකාරයට මුල් මගින් කිරි අවශෝෂණය  කර ගනී. කෙසේ වෙතත්, ඔබ වෙනත් පොහොර සමඟ කිරි මිශ්‍ර නොකළ යුතු බව මතක තබා ගන්න. රසායනික ද්‍රව්‍ය කිරි සමඟ මිශ්‍ර වුවහොත් ඒවාට ඇත්ත වශයෙන්ම කිරිවල ප්‍රතිලාභ වලට ප්‍රතිරෝධය දැක්විය හැකිය.


2. තීන්ත ආලේපනය සඳහා යොදාගන්න පුළුවන්.

බොහෝ අවස්ථාවල තීන්ත සෑදීමේ ප්‍රධාන අමුද්‍රව්‍යය ලෙස කිරි යොදාගන්නා අතර, එසේ සිදු කරන්නේ කිරි වර්ණක සඳහා බන්ධකයක් ලෙස ක්‍රියා කරන බැවිනි. ඇත්ත වශයෙන්ම, පුරාණ ඊජිප්තුවේ කිරිවලින් සැකසූ තීන්ත භාවිතා කර ඇත. මෙම වර්ගයේ තීන්ත සෑදීමට ඔබට අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය වන්නේ ලෙමන්, පෙරනයක්, චීස් ක්ලෝත් සහ ඇක්‍රිලික් තීන්ත හෝ වියළි වර්ණක ය.

කිරි වලින් සකසා ගත් වර්ණකය ඉක්මණින් ආලේප කළ යුතුය, එවිට නරක් නොවී ගුණාත්මක භාවය රඳවාගත හැකි වේ. ආලේපයෙන් පසු එන දුගඳ තීන්ත වියළී ගිය පසු අතුරුදහන් වේ.


3. ඇසට සැරක් වැදුණු පසු දැවිල්ල සුව කිරීම සඳහා යොදාගන්න පුළුවන්.

කිරි ඇස් වලට වක් කිරීම මුලදී යථාර්ථවාදී නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එයින් වේදනාවට පත් ඇසක් සනසවාලීමට උපාකරී වේ. මිරිස් ගම්මිරිස් සහ ගම්මිරිස් ඇස්වලට වැදුණහොත් කැක්කුමක් හෝ දැවිල්ලක් ඇති කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අවස්ථාවලදී ඒවා ජලයෙන් සෝදා ගැනීමට උත්සාහ කිරීමෙන් තවත් අපහසුතාවයට බත් වනු ඇත. 

ජලය වෙනුවට කිරි භාවිතා කර බලන්න, ඔබට වෙනස වැටහෙනු ඇත. සම්පූර්ණයෙන්ම නිවාගත් කිරි යොදාගන්න. පළමුව, දෑස් වසාගෙන කිරිවලින් ඔබේ මුහුණ සෝදන්න. ඊළඟට, දෑස් සෝදා ගන්න.


4. මේකප් ඉවත් කිරීම සඳහා යොදාගන්න පුළුවන්.

කිරි කියන්නේ අපේ කොණ්ඩයට පමණක් නොව අපේ සමටත් හොඳ දෙයක්ය. එබැවින් මේකප් ඉවත් කිරීම සඳහා රසායනික නිෂ්පාදන භාවිතා කරනවා වෙනුවට කිරි භාවිතා කිරීම වඩාත් සුදුසුය. ඔබේ මුහුණට කිරි ස්වල්පයක් තවරා පුළුන් කැබැල්ලකින් හෝ තෙත රෙදි කඩකින් පිස දමන්න. අමතර වාසිය නම් කිරිවල ඇති ප්‍රෝටීන සහ මේදය තෙතමනය රඳවා ගැනීමට උපකාර කිරීමෙන් ඔබේ සම සජලීකරණය කරයි.


5. ලෙදර් වලින් සකසන ලද දෑ පිරිසිදු කිරීම සඳහා යොගාන්න පුළුවන්.

ඔබේ හෑන්ඩ් බෑගය, සෝෆාව හෝ සපත්තු පිරිසිදු කිරීමට කිරි යොදා ගැනීමෙන් පැල්ලම් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට පහසුවෙන් උපකාරී වේ. එය මිල අඩු විසඳුමක් පමණක් නොව, ද්‍රව්‍යයේ ඇති ස්වාභාවික තෙල් ඉවත් නොකරන නිසා එය විශිෂ්ටම ක්‍රමයකි. කෙසේ වෙතත්, ඔබ පැල්ලම් සහිත ස්ථානය පිස දැමූ පසු නරක් වූ සුවඳක් හැමීම වළක්වා ගැනීම සඳහා එම ප්‍රදේශය වෙනත් තෙත රෙද්දකින් පිරිසිදු කිරීමට වග බලා ගන්න.


6. කොණ්ඩය ස්ට්‍රේට් කිරීම සඳහා යොදාගන්න පුළුවන්.

ඔබේ හිසකෙස් මත කිරි ආලේප කිරීමෙන් හිසකෙස් වැඩීමට, ශක්තිමත් කිරීමට සහ කෙළින් කිරීමට උපකාරී වේ. එමෙන්ම දිලිසෙන ස්වභාවයක්ද ලබා දේ. අහලා ඇතිනේ කිරි අඩංඟු ෂැම්පු එහෙමත් තියෙනවා. ඉතින් ඒ බොරු නෙමේනේ. ඔබට අවශ්‍ය වන්නේ පනාවක්, ඉසින බෝතලයක් සහ කිරි කෝප්ප 1/3 ක් පමණි. ඔන්න අඩු වියදම් වැඩ මේවා. ගෑණු ළමයින්ට සුවිශේෂයි ඉතිම්.

ඉසින බෝතලයට කිරි පුරවන්න, කොණ්ඩයට ස්ප්‍රේ කරන්න. සම්භාහනය කරන්න. පනාවෙන් පීරන්න. කිරි වලින් පෝෂණය හිසකෙස් වලට උරා ගැනීම සඳහා ටික වේලාවක් තබා සෝදා හරින්න. සැළකිය යුතුයි. කර්ලි කොණ්ඩයක් සඳහා මෙම ක්‍රමය මගින් ස්ට්‍රේට් පෙනුමක් ලබා දිය නොහැක. කඩාහැලෙන කොණ්ඩයකට වඩාත් සුදුසුයි.


7. කෘමි දෂ්ඨනයෙන් ඇති වන වේදනාව සුව කිරීම සඳහා යොගාන්න පුළුවන්.

කිරිවල ඇති ප්‍රෝටීන් මගින් මදුරුවන් හෝ වෙනත් කෘමීන් දෂ්ට කිරීමෙන් පසු ඇතිවන වේදනාව සමනය කිරීමට උපකාරී වේ. නමුත් කිරි පමණක් භාවිතා නොකරන්න. එය වතුර සමග මිශ්‍ර කර, ලේන්සුවක් පොඟවා, දෂ්ඨනය සිදු වූ ස්ථානයේ සමට ආලේප කරන්න. එම කිරි මිශ්‍රණයම අව් රශ්මියෙන් සිදු වූ පිළිස්සීම් සඳහාද භාවිතා කළ හැක.

Comments