1. හෘද ස්පන්දන වේගය වෙනස් වීම.
තයිරොයිඩ් හෝමෝන ශරීරයේ සෑම අවයවයකටම පාහේ බලපාන අතර හෘද ස්පන්දන වේගයද වෙනස් කළ හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථි ආබාධයකින් පෙළෙන පුද්ගලයින්ට රෝගය වැළඳුන මුල් අවධියේ ඔවුන්ගේ හෘද ස්පන්දන වාර ගණන වෙනදාට වඩා අඩු වී ඇති බවක් පෙනෙන්නට පුළුවනි.
2. සම වියළීම සහ නියපොතු වියළීම.
සමෙහි කසන සුළු මෙන්ම වියළීම තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්වයක් විය හැකියි. එමෙන්ම නියපොතුද වියළීමද සිදු වේ. ඔබේ නියපොතු මතුපිට සිරස් අතට රේඛා මතු වී තියෙනවා නම්ඒ බව ලෙහෙසියෙන් අවබෝධ කරගන්න පුලුවන්.
3. මාංශ පේෂී වේදනාව.
ප්‍රමාණවත් තරම් තයිරොයිඩ් හෝර්මොන නිපදනොවීමෙන් ඇතිවන හයිපොතයිරෝඩිසම් යන රෝගී තත්වය හේතුවෙන් ශරීරයේ විවිධ කොටස් වල මංශ පේශී වේදනාවක් ඇති වීම හා ඉදිමීම සිදු විය හැක.
4. වෙහෙස හා නුරුස්සන බව.
තයිරොයිඩ් රෝගය ශක්ති මට්ටම් හා මනෝභාවය කෙරෙහි බලපානු ලැබේ. ඒ හේතුවෙන් වෙහෙසකාරී බව, නුරුස්සනා බව, හැඟීම් නොමැති බව සහ නින්ද නොයාමේ ලක්ෂණ මතුවිය හැක.
5. හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩු වීම හෝ වැඩි වීම.
කෙටි කාලයක් තුළ සිදුවන බර වැඩිවීම හෝ අඩුවීම තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු හෝ වැඩි වීම ලෙස අදහස් කරයි. මෙය පොදු රෝගී ලක්ෂණයක් වේ.
6. ශරීර උෂ්ණත්ව ගැටළු.
තයිරොයිඩ් රෝගය ඇති විට ශරීර උෂ්ණත්ව නියාමනයේ ගැටළු ඇති වේ. අධික ලෙස හීතල දැනීම හෝ අධික ලෙස රස්නය දැනීම විය හැක.
7. ගෙලෙහි ඉදිමීම.
ගෙලෙහි ඉදිමීමක් හෝ ප්‍රමාණයේ වෙනසක් වීම මෙම රෝගයේ දෘශ්‍යමාන සංඥාවක් ලෙස හඳුන්වා දිය හැක.
Comments
Post a comment