ජීවිතයට පහසුවක් සඳහා නවීන ලෝකයේ නිපදවා ඇති උපකරණ 7 ක්

 1. සුරතලාට වෙනම කොටසක් වෙන් කරලා හදපු ඇඳක්.

බලන්න මේ ඇඳ කොයිතරම් වටිනවද කියලා. ඔබේ සුරතලාටත් ඔබ ළඟින්ම නිදා ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. සත්ව කරුණාව තියෙන අයට නම් මේක හුඟක් වටිනවා.

2. පූස් බෑගය.

සමහර වෙලාවට ගෙදර ඉන්න ඔක්කොටම එළියට යන්න වුණාම ගෙදර ඉන්න පූසව අමතක කරලා යන්න වෙනවා නේද. මේ බෑග් එකක් ගත්ත කෙනෙක්ට නම් ඉතින් දැන් ඒ ගැන වදවෙන්න ඕන නැහැ. පහසුවෙන්ම තමන්ගේ සුරතලාව මේ බෑග් එකේ ආරක්ෂිතව තමන් යන තැනකට අරගෙන යන්න පුළුවන්.
3. සුගුරු අයි ෆෝන් බම්පර්.
අයි ෆෝන් එක බිම වැටිලා කැඩිලා යයි කියලා බයද, මෙන්න ඒකට විසඳුමක් විදියට අයි ෆෝන් වලට සුගුරු කියන නමින් ආරක්ෂිත කවරයක් හදලා. වැටුනට පස්සේ මේක බම්ප් වෙලා ෆෝන් එක ආරක්ෂා කරනවා. කොහොමද වැඩේ.
4. වටේ තියෙන දියර බිමට බේරෙන්නෙ නැති මග් එක.

අපි තේ හරි කෝපි හරි බොනකොට කෝප්පේ වටේ ගෑවුණු දියර බේරිලා මේසය කිලිටි වෙනවා නේද. මේ කෝපපය හදලා තියෙන්නේ එහෙම බේරෙන්නෙ නැතිව තියෙන විදියටයි. 

5. නැගිටින්න කම්මැලි අයට හදපු එලාම් එක.

ඇත්තටම මේක කාපට් එකක්. මේකට එලාම් එක තිබ්බම ඇඳෙන් නැගිටලා කකුල් දෙකම කාපට් එක උඩ තියනකම් එලාම් එක නතර වෙන්නෙ නැහැ. ඔන්න අපේ අයටත් කියාපු උපකරණේ.

6. අත ඔලුවට යට කරන් නිදා ගන්න අයට කොට්ටයක්.
අත ඔලුවට යට කරන් නිදා ගන්න අය හුඟක් ඉන්නවනේ. ඔන්න ඒ අයට කිසිම අපහසුවකින් තොරව තමන් කැමති ඉරියව්වෙන් නිදා ගන්න සුපිරි කොට්ටයක් හදලා තියෙනවා. මේ කොට්ටයේ අත තියා ගන්න වෙනම කුහරයක් තියෙනවා. අතට කිසිම බරක් එන්නේ නැහැ.
7. කොටාට්සු ටේබලය

මේක ජපානයේ හදපු අරුම පුදුම මේසයක්. මෙතන පහසුකම් තුනක් තියනෙවා. මේසය, පොරවනය සහ උණුසුම් වන හීටරය. සුව පහසුවෙන් නින්දක් ගත කරන්න. ඇහැරිලා මොනවරි කන්න බොන්න ආපහු එහෙම්ම නිදාගන්න, හීතලක් දැනෙන්නෙ නැතුව පහසුවෙන් නිදන්න කදිම උපකරණයක්.



Comments