ඔබේ සහකරුවා ඔබට ඇත්තටම ආදරෙයි කියන ඇඟවීම් 6 ක්

 1. එයා නිතරම ඔයාගේ ජයග්‍රහණය ගැන වර්ණනා කරනවා, ඒ ගැන තවත් අය එක්කත් ලොකුවට කථා වෙනවා.

කාන්තාවන් විවිධ ක්ෂේත්‍රයන්හි තම අරමුණු සාක්ෂාත් කර ගන්නා විට බොහෝ පිරිමින් එයට වෛර කරයි. නමුත් ආදරණීය මිනිසෙක් තම ආදරණීයයාට තමාටත් වඩා සළකන අතර ඇය සාර්ථක වූ විට ඔහු සැමවිටම සතුටු වෙයි. ඒ ගැන තම මිතුරන්ටද පැවසීමට ඔහු පසුබට නොවනු ඇත.

2. ඔබ කැමති දේවල් ඔබ කියන්නත් කලින්ම සිදු කරයි.

සෑම සම්බන්ධතාවයක්ම සම්මුතීන් මත ගොඩනැගී ඇත: සමහර විට අපට යමක් අතහැර දැමීමට හෝ කැප කිරීමක් කිරීමට සිදු වේ. ස්ත්‍රියකට ආදරය කරන පිරිමියෙකු ඇය වෙනුවෙන් තම අවශ්‍යතා පවා අත්හැරීමට සැමවිටම සූදානම්ය. 

3. එයා මුල්තැන දෙන්නේ ඔයාට විතරමයි.

ආදරණීය මිනිසෙක් සෑම විටම ඔබට පක්ෂව තීරණයක් ගනී. ඔහු ඔබ සමඟ කාලය ගත කිරීමට කැමති නිසා පමණක් නොව, ඔහු ඔහුගේ අනාගතයේ කොටසක් ලෙස ඔබට සලකන නිසාය. ආදරණීය කාන්තාවක් වෙනුවෙන් පිරිමියෙකු ඇයගේ අවශ්‍යතා ගැන මූලිකත්වය දෙයි.

4. ඔහුගේ මතයට වඩා ඔබේ මතය වෙනස් වුවත් ඔහු ඔබේ මතයට ගරු කරයි.
මතයන් අනුව පිරිමියෙක් මුරණ්ඩු ගතියට පුරුදු වී සිටියත් අන් අයගේ අදහස් නොපිළිගත්තත්, ඔහු කැමති කාන්තාවක් හමු වූ විට සියල්ලම වෙනස් වනු ඇත. ඒ ඔහු ඇයගේ මතය තේරුම් ගැනීමට හා පිළිගැනීමට කැමති වීමයි.
5. එයා ඔයා එක්ක කථා කරනවට වඩා වේලාවක් ඔයා කියන දේවල් අහන් ඉන්න කැමතියි.
පිරිමින්ගෙන් බහුතරයක් තමන් ගැන සහ ඔවුන්ගේ ජයග්‍රහණ ගැන කතා කිරීමට බෙහෙවින්ම කැමතිය. නමුත් ආදරණීය මිනිසෙකු ක්‍රියාත්මක වන්නේ එලෙස නොවේ. ඔහු තම ආදරණීයයාට ඉතා සාවධානව ඇහුම්කන් දීමට උනන්දුවක් දක්වයි.
සහකරුවා ඔබේ කටයුතු ගැන උනන්දුවක් නොදක්වා ඔබට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබේ සම්බන්ධතාවය ගැන සිතා බැලීමට කාලයයි.
6. ඔහු කිසි විටෙකත් ඔබව සංවාදයකදී හෝ විවාදයකදී ඔබව තනි නොකරයි.

කාන්තාවක් වාද විවාදයකදී බැහැර කර ඇති අවස්ථා ඔබ කොපමණ වාරයක් දුටුවාද? මට ඕවට හවුල් වෙන්න බැහැ ඔයා ප්‍රශ්න දා ගත්තා නම් ඔයාම විසඳගන්න යනුවෙන්. ආදරණීය මිනිසෙක් කවදාවත් මේ වගේ වචන කියන්නේ නැහැ. ඔහු තම ආදරණීයයාට ඇගේ මතය ප්‍රකාශ කිරීමට ඇයට අවස්ථාව ලබා දෙනු ඇත. ඇයගේ පැත්තට කථා කර ඇයට සහය වනු ඇත.

Comments