කෝමාරිකා භාවිතා කිරීමෙන් ශරීරයට ලැබෙන වාසි 5 ක්

 

1. හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ.

කෝමාරික යුෂ ඔබගේ හිසකෙස් ශක්තිමත් කිරීමට, හිසකෙස් වර්ධනය කිරීමට සහ හිසකෙස් දීප්තිමත් කිරීමට උපකාරී වේ.

කෝමාරිකා හිස කෙස් ගල්වනයක් සකසා ගැනීමට පහත ද්‍රව්‍ය අවශ්‍ය වේ.
  • කෝමාරිකා ‍කොළ 1
  • ආමන්ඩ් ඔයිල් තේ හැඳි 1
කෝමාරිකා කොළය මැදින් කපා යුෂ අරගෙන ආමන්ඩ් ඔයිල් සමඟ මිශ්‍ර කර තලපයක් සාදා හිසේ ආලේප කරන්න. ඉන්පසු හිසට රූපලාවාන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ප්ලාස්ටික් තොප්පියක් දමා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හරින්න. අවසානයේ උණු වතුරින් සෝදා හරින්න.


2. සම පෝෂණය කිරීමට උපාකාරී වේ.

කෝමාරිකා සම මොයිස්චරයිසින් කිරීමට සහ එහි නම්‍යතාවය වැඩි දියුණු කිරීමට උපාකරී වේ. එපමණක් නොව විශේෂය තමයි වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට උපකාරී වන බවද වර්ථමානයේ සොයාගෙන තියෙනවා. මීට අමතරව, කෝමාරිකා වල රසායනික සංයුතිය මගින් ලප ඇති වීම වළක්වාලයි.

කෝමාරිකා ලෝෂන් එකක් සකසා ගැනීමට පහත ද්‍රව්‍ය අවශ්‍ය වේ.
  • කෝමාරිකා යුෂ අවුන්ස 3 ක්
  • වතුර මේස හැඳි 3 ක්
  • ඇල්කොහොල් මේස හැඳි 5 ක්

ඉහත ද්‍රව්‍ය එකට කවලංකර ඔබේ මුහුණට සහ බෙල්ලට ආලේප කරමින් දිනපතා මෙම දියරයෙන් ඔබේ සමට ප්‍රතිකාර කරන්න. මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර ඉන්පසු සෝදා ෆේස් ක්‍රීම් ටිකක් ආලේප කරගන්න.


3. ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කෝමාරිකා යුෂ ශරීර ආරක්ෂිත ක්‍රියාවලිය සඳහා දායක වන අතර විටමින් C අඩංගු වන අතර එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ.

ඒ සඳහා පානයක් සකස් කර ගැනීමට පහත සඳහන් ද්‍රව්‍ය අවශ්‍ය වේ.
  • කෝමාරික කොළයක්
  • වතුර වීදුරුවක්
  • මී පැණි  තේ හැඳි 1 ක්
කෝමාරිකා කොළය සෝදා කටු ඉවත් කර ග්‍රයින්ඩ් කරගන්න. සාදා ගත් මිශ්‍රණය වතුර වීදුරුවට දමා එයට මී පැණි දමා පානය කරන්න.


4. බඩවැල් රෝග සුව කිරීමට උපකාරී වේ.

කෝමාරිකා යුෂ බඩවැල්වල ආසාත්මිකතා සුව කිරීමට උපාකරී වේ. කෝමාරිකා යුෂ අවුන්සයක් දිනකට දෙවරක් පානය කිරීමෙන් හානිකර රෝග වැළඳීම අඩු කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. මෙම ශාකයයේ ප්‍රතිජීවක ගුණාංග ද ඇති අතර එය හෙලිකොබැක්ටර් පයිලෝරි - බැක්ටීරියාව මර්ධනය කිරීමට සහාය වේ.


5. පිළිස්සීම් සුව කිරීමට උපකාරී වේ.

පිළිස්සීමෙන් ඇති වූ වේදනාව සමනය කිරීමට සහ ඉක්මනින් සුව කිරීමේ හැකියාවක් කෝමාරිකා යුෂ වල පවතී. කෝමාරිකා කොළයක් රැගෙන එහි ඇති ඉස්ම හානියට පත් සමට දිනකට 2-3 වතාවක් ආලේප කරන්න.

Comments