1. ක්රමය
* පොළව මත දිගා වන්න
* දණ හිස් නවා යටි පතුල් පොළවට ගෑවෙන සේ තබා ගන්න
* ටෙනිස් බෝලයක් ගෙන ගෙල යටින් තබා ගන්න (අත එක උඩ එක තබා ගත යුතුයි)
* දැන් ශරීරයේ බර දමා ගෙලෙන් බෝලය තෙරපීමට ලක් කරන්න, නැවත තෙරපීම ලිහිල් කරන්න.
* දණ හිස් නවා යටි පතුල් පොළවට ගෑවෙන සේ තබා ගන්න
* ටෙනිස් බෝලයක් ගෙන ගෙල යටින් තබා ගන්න (අත එක උඩ එක තබා ගත යුතුයි)
* දැන් ශරීරයේ බර දමා ගෙලෙන් බෝලය තෙරපීමට ලක් කරන්න, නැවත තෙරපීම ලිහිල් කරන්න.
* මිනිත්තු කිහිපයක් මෙලෙස කරන්න
2. ක්රමය
* ඔබේ මහපට ඇඟිලි දෙක කම්මුල දෙපැත්තේ කන්වලට ආසන්නයෙන් තබා ගන්න
* ඔබේ ඇඟිලි තුඩු මදක් තද කරමින් රවුමට රවුමට පිරිමදින්න
* මෙලෙස ඇඟිලි තුඩු වලින් හිස් කබල සහ නළල සම්භාහනය කරන්න.
3. ක්රමය
* දෙඅත්ලේ මිට මොළවා නලල මත තබා ගන්න
* මහපට ඇඟිලි දෙක නලලයි කනයි අතර මැද පෙදෙසේ තබා ගන්න
* 30 වතාවක් ඇඟිලි තුඩු වලින් තෙරපන්න
* ඊළගට හිස කෙස් දාරය අසලින් 30 වතාවක් පිටුපසට පිරිමදින්න
4. ක්රමය
* නිකට යටින් ඇති මෘදු පෙදෙස ඔබේ දකුණු දබර ඇඟිල්ලේ පිට පැත්තෙන් තෙරපන්න
* තත්පර 20 බැගින් තෙරපාගෙන සිටිමින් නිකටට යටින් ආරම්භ කරලා කන් අසල වෙනතුරු සිදු කරන්න
* එක පැත්තක් සම්පූර්ණ කර අනෙක් පැත්තත් එලෙස සිදු කරන්න
5. ක්රමය
* දබර ඇඟිලි දෙක නාස් පුඩු අසලින් තබා ගන්න
* එම ස්ථානය තෙරපන්න
* ඊළගට ඇඟිලි දෙක විරුද්ධ දිශාවට පිරිමදින්න
* මෙය රවුමට රවුමට පිරිමැදීමද සිදු කළ හැක. එලෙස විනාඩි 2 ක් සිදු කිරීම ප්රමාණවත්
Comments
Post a comment