දවසට බිත්තර 2 ක් කෑවොත් ඔබේ ශරීරයට වෙන දේවල් 9 ක්

 

මේ ලිපියෙන් ඔයාලට කියන්නේ දිනකට බිත්තර 2 ක් අනුභව කළොත් අපේ ශරීරයට වෙන වාසි 9 ක් ගැනයි. බිත්තර කිව්වම බිත්තර වර්ග බොහොමයක් තිබුණත් අපි මේ කථා කරන්නේ කුකුළු බිත්තර ගැනයි. සමහරුන්ගේ විවිධ මතවාද තිබෙනවා බිත්තර ගැන. ඒත් මේ කුකුළු බිත්තර කියන්නෙ නම් ශරීරයට හානිකර දෙයක් නෙමේ කියන එකනම් දැන් විද්‍යඥයින් සොයාගෙන තියෙනවා.

ගෙදර හදන එළ හරකිගේ කිරි එකේ, පාත්තියේ කොළ ටික, කිකිළිගෙ බිත්තරේ තියෙන ගුණාත්මක භාවය වර්ථමාන ලෝකයේ සුද්දන්ගේ නානාවිධ ආහාර ජාති සහ විටමින්, ඖෂධ ටික විකුණගන්න යට ගහලා තියෙන බව ඔබ තවමත් නොදන්නවා නම් එය අපේ ජාතියේ අවාසනවාකි.

ඒ නිසා හැකි තාක් අපේ තියෙන ස්වාභාවික දේවල් වලට යොමු වෙන්න කියලා සෑමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.  මේ කුකුළු බිත්තර වලටත් අද තියෙන තැන ඉතාම අඩුවෙලා තියෙනවා. කොලෙස්ට්‍රොල් වලටත් බිත්තර අහිතකර නැති බව සොයාගෙන තියෙන එකේ හිතලා බලන්න බිත්තර එතරම් ගුණදායක නම් කොලෙස්ට්‍රෝල් ඖෂධ විකිණෙයිද. බිත්තරෙන් එච්චර ශක්තියක් ලැබෙනවා නම් විටමින් විකිණෙයිද? ඔබම සිතා බලන්න. සියල්ල යට ගසා ඇත්තේ විකුණුම් ක්ෂේත්‍ර යේ ඵලදායිතාවය උදෙසාය. එසේ නම් මෙම ලිපිය කියවා ඔබට වටිනා කරුණු රාශියක් දැන ගන්නට ලැබෙනවා යැයි විශ්වාස කරමි.

1. පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරයි.

මොළයට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයක් වන කෝලීන් ලැබෙන අතර පිළිකා අවදානම ද අඩු කරයි. සිදු කරන ලද නවතම අධ්‍යනයකට අනුව, නව යොවුන් වියේ දී බිත්තර ඇතුළත් දෛනික ආහාර වේල් ලබා ගත් කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම 18% කින් අඩු බවයි.


2. විටමින් B සංයෝගය ඇති නිසා සම, හිස කෙස් සහ අක්මාව ආරක්ෂා කරයි.

බයෝටින්, විටමින් බී 12 සංයෝගය සහ ජීර්ණය වන පෝෂ්‍යදායී ප්‍රෝටීන මගින් හිසකෙස් හා සම ශක්තිමත් කරයි. ඒ වගේම බිත්තරවල අඩංගු ෆොස්ෆොලිපිඩ් නැමැති ලිපිඩය අක්මාවෙන් විෂ ඉවත් කිරීමට දායක වේ.



3. ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ.

ඇමරිකානු විද්‍යාඥයින් නිගමනයකට එළඹී තිබුණා ඔබ උදේ ආහාරය සඳහා බිත්තර සමඟ අඩු කැලරි සහිත ආහාරයක් ඒකාබද්ධ කළ පරිභෝජනය කිරීමෙන් දෙගුණයක් ඉක්මනින් බර අඩු වන බවයි. එවැනි උදෑසන ආහාරයක් ඔබට දීර්ඝ වේලාවක් ශක්තිය ලබා දෙන අතර එමගින් දිනකට පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය අඩු කිරීමට ද ඔබට ඉඩ සලසයි.

4. වයසට යාම මන්දගාමී කරයි. 

ලන්දේසි විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණයකින් පැහැදිළි වී ඇත්තේ කුකුළු බිත්තර භාවිතා කළ වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාන්තාවන්ගෙන් 87% ක් තුළ වයසට යාමේ පෙනුම අඩු වී සමෙහි ලප කැලැල්ද ඉවත් වී ඇති බවයි.


5. විටමින් D සංයෝගය අඩංඟු බැවින් කැල්සියම් අවශෝෂණය කරයි.

ෆිෂ් ඔයිල් හැන්දක් පානය කිරීම සහ තම්බපු බිත්තරයක් අනුභව කිරීම යන අවස්ථා දෙකෙහිම විටමින් D අන්තර්ගතය එක හා සමාන බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. තවද ඔවුන් කුකුළන්ට විශේෂ අතිරේක ආහාර ලබා දීමෙන් බිත්තරවල විටමින් D ප්‍රමාණය වැඩි කිරීමට ක්‍රමයක් සොයා ගෙන ඇති බවද වාර්ථා වේ. විටමින් D ඔබේ අස්ථි හා දත් වලට කැල්සියම් වඩා හොඳින් අවශෝෂණය කර ශක්තිමත් කිරීමට උපකාරී වේ.


6. මොළයට අවශ්‍ය කෝලීන් හොඳින් සපයා මොළය ආරක්ෂා කරයි.

මොළයේ සෛලවල සාමාන්‍ය සන්නිවේදනය කටයුතු සඳහා අවශ්‍ය ෆොස්ෆොලිපිඩ් ලිපිඩය කොලීන් වලින් සමන්විත වේ. මෙම විශේෂිත විටමින් මොළයේ වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වැදගත්ම ද්‍රව්‍ය බව ඔප්පු කර ඇත. ඔබ දිනකට බිත්තර 2 ක් අනුභව කරන්නේ නම්, ඔබේ ශරීරයට මෙම පෝෂ්‍ය පදාර්ථය ප්‍රමාණවත් තරම් ලැබෙනු ඇත. ඔබේ මොළයට කෝලීන් අඩුවෙන් ලැබෙන්නේ නම් එය මතක ශක්තිය අඩු කිරීමට බලපායි.


7. හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

බිත්තර අනුභවය පිළිබඳ කුමන මතවාද තිබුණත්, නව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ බිත්තර වලින් ලැබෙන කොලෙස්ටරෝල් පොස්පේටයිඩ සමඟ සමතුලිත වන බැවින් එය අපගේ සෞඛ්‍යයට හානිකර නොවන බවයි. බිත්තර ශරීරයේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය ද වළක්වයි. මීට අමතරව, බිත්තර වල ඔමේගා -3 අම්ල අඩංගු වන අතර එය ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරයි, එමගින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.


8. පෙනීමට අවශ්‍ය ලූටීන් සංරක්ෂණය කරයි

නව පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ කුකුළු බිත්තර ලුටීන් වලින් පරිපූර්ණ බවයි. මෙම ද්‍රව්‍යය පැහැදිලි හා තියුණු ඇස් පෙනීමක් ලබා දේ. ලූටීන් ඌණතාවය වුවහොත් අක්ෂි පටක වල විනාශකාරී ලෙස වෙනස්කම් වන අතර එම හේතුවෙන් ඇස් පෙනීම අඩු කරයි.



9. ලිංගික හෝමෝන නිපදීම සහ ෆෝලික් අම්ලය ලබා දීමට උපකාරී වේ.

බී විටමින් ලිංගික හෝමෝන සෑදීමට ද සහභාගී වේ. ඒ වගේම විටමින් බී 9 එහෙම නැතිනම් ෆෝලික් අම්ලය ආධාරයෙන් රතු රුධිරාණු සහ කලලයේ ස්නායු නළය සැකසෙන අතර, දරුවෙකුගේ මානසික මට්ටම අවපාත වීමේ අවදානමද අඩු කරයි. ගර්භණී සමයේදී කාන්තාවන්ට විටමින් B 9 එතරම් අවශ්‍ය වන්නේ මේ නිසා ය. 1 කුකුල් බිත්තරයක විටමින් මයික්‍රෝග්‍රෑම් 7.0 ක් අඩංගු වේ.


Comments