මිහිපිට ඉන්නවා යැයි සිතා ගත නොහැකි සතුන් 10 ක්

 1. බ්ලූ ෆූටඩ් බූබි.

නිල් පාට කකුල් තියෙන හරිම ලස්සන පක්ෂියෝ ජාතියක්. නැගෙනහිර පැසිෆික් සාගරයේ උපනිවර්තන හා නිවර්තන කලාපීය ප්‍රදේශවල තමයි මෙයාලා ජීවත් වෙන්නේ. බූබි ලෙස හඳුන්වන සුලා කුල හයෙන් එක කුලයකට තමයි මේගොල්ලො අයිති. නිල් පාට කකුලුත් තියනෙ නිසා එයාලා බ්ලූ ෆූටඩ් බූබි කියලා හඳුන්වනවා.

2. ගෝල්ඩන් ස්නබ් නෝස්ඩ් මන්කි.

රත්තරන් පාට මෙම වඳුරු විශේෂය කොලොබිනා නම් උප පවුලෙහි ලොව පැරණිම වඳුරු ජාතියකි. මධ්‍යම හා නිරිතදිග චීනයේ සෞම්‍ය කඳුකර වනාන්තරවල කුඩා ප්‍රදේශයකට මොවුන් ආවේණික වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 1,500–3,400 ක උන්නතාංශයක වාසය කරයි.

3. මැංගලිට්සා පිග්.

මැංගලිකා එහෙම නැතිනම් මාංගලිට්සා යනු හංගේරියානු ගෘහස්ථ ඌරු වර්ගයකි. 19 වන ශතවර්ෂයේ මැද භාගයේදී නාගීසලොන්ටා සහ බකෝනි යන ඌරන් වර්ග සර්බියානු උමාඩිජා සහ යුරෝපීය වල් ඌරන් සමග අභිජනනය කිරීමෙන් මෙම විශේෂය වර්ධනය කර ඇත. මොවුන්ගේ විශේෂත්වය තමයි ඝණ රැලි ලෝම කබායක් තියෙන එක.

4. ටමරින් එම්පරර්.

ටමරින් එම්පරර් යනු ටමරින් යැයි හඳුන්වන වඳුරන් විශේෂයක් වන අතර දෙවන ජර්මානු විල්හෙල්ම් අධිරාජ්‍යයා සිහිවීම පිණිස ටමරින් එම්පරර් යනුවෙන් හඳුන්වා ඇත. මොවුන් නිරිතදිග ඇමසන් ද්‍රෝණියේ, නැගෙනහිර පේරු,උතුරු බොලිවියාවේ සහ බටහිර බ්‍රසීලියානු වනන්තර වල ජීවත් වේ. ලස්සන රැවුලක් තියෙන නිසා මේ සතා ගොඩක් ප්‍රසිද්ධයි.

5. මාකෝර් ගෝට්.
දඟර ගහපු ලොකු අන්තට්ටුවක් තියෙන කප්රා කුලයට අයත් එළුවන් විශේෂයක් තමයි මාකෝර් කියන්නේ. මොවුන් මධ්‍යම ආසියාවෙ කරකෝරම් සහ හිමාලය යන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වේ. අවාසනාව නම් 2015 සිට රතු ලැයිස්තුවේ වඳවී යාමට ඇතුලත් වුණ සත්ව විශේෂයක් වීමයි.

6. රකූන් ඩෝග්.
රකූන් ඩෝග් කියන්නේ ඇමරිකානු රකූන් කියන සත්තවයගේ සහ බල්ලෙකුගේ පෙනුම තියෙන සතෙක්. මැන්ගට්, තනුකි සහ නියෝගුරි නමින්ද මොවුන් හැඳින්වෙනවා. නැගෙනහිර ආසියාවට ආවේණික ආගන්තුකයෙක සත්වයෙක් වන අතර නෙක්ටෙරොටීස් කුලයට අයත් එකම විශේෂයයි. හිවලුන්ට බල්ලන්ට නෑකම් පෙන්නුවද මොවුන් නියම ඇමරිකානු රකූන්ලා නම් නෙමේ.

7. මලායන් කොලූගෝ.
මලායන් කොලූගෝ කියන්නේ වවුලෙකුට සමාන සහ උණහපුලුවෙකුගේ වගේ මුහුණක් තියෙන සත්ව විශේෂයක්. සුන්ඩා ෆ්ලයින්ග් ලෙමුර් සහ සුන්ඩා කොලූගෝ නමින්ද හඳුන්වනවා. වවුලන්ට තරම් මොවුන්ට එක දිගට දිගු දුරක් පියෑඹීමට නොහැකි අතර උපරිම මීටර් 70 ක් පමණ දුරක් පියඹා යා හැක.

8. ෆ්ලෆි කව්.
ටෙක්සාස් ටෝනාඩෝ කියන ගවයන් විශේෂය හරස් අභිජනනය කරමින් වර්ධනය කරන ලද ගවයන් විශේෂයක්. සෙල්ලම් පැන්ඩෙකුගේ වගේ ලස්සන ලෝම පිහිටීම නිසාත් හුරතල් පෙනුම නිසාත් මොවුන් ඉතාම ජනප්‍රියයි. 

9. වෙනිසියුලන් පූඩ්ල් මොත්.
කිර්ගිස්තානි සත්ව විද්‍යාඥ ආතර් ඇන්කර් විසින් 2009 වර්ෂයේදී වෙනිසියුලාවේදී මෙම සළඹයා සොයාගෙන තිබුණා. මෙම සළඹයාගේ පෙනුම පූඩ්ල් කියන ලෝම ගොඩක් තියෙන බලු විශේෂයට සමානකමක් පෙන්වන නිසා පූඩ්ල් මොත් ලෙස නම් කර තිබුණා.

10. පැටගෝනියන් මාරා.


පැටගෝනියානු මාරා කියන්නේ ඩොලිකෝටිස් නම් මාරා කුලයට සාපේක්ෂව විශාල මීයන් ජාතියකි. මොවුන් ශාකභක්ෂක වන අතර පැටගෝනියාවේ සහ ආර්ජන්ටිනාවේ විවෘත හා අර්ධ විවෘත වාසස්ථානවල ජීවත් වේ. විශේෂත්වය නම් හාවෙකුගේ පෙනුමක් දක්නට ලැබීමයි.

Comments